Powered By Blogger

Thursday, October 13, 2011

පෙරළිකාර Mango OS කරළියට.....




මෑතකදී තොරතුරු තාක්ෂණික ලොවට එක්වු අලුත්ම සගයා තමා  Windows Phone 7.5 Mango OS release එක. Mobile phones කී සැනින් අපට සිහියට නැගෙන්නේ Google android , Apple iOS platforms. මෙම නවතම Windows mobile සංක්‍රමණයන්  අතරේ android, iOS  තාක්ෂණයන්ට අභියෝග කරන්න Mango OS එක සමත් වෙලා තියෙනවා. එයට හේතුවී තිබෙන්නෙ මෙම Mango OS තුල නිර්මාණය කර ඇති නව අංග සමුහයයි.

Microsoft විසින් හදුන්වා දුන් මෙම Windows mobile Phone නවිකරණයේ මූලිකවම සිදු කර ඇත්තේ Windows Phone 7  interface  මුල් නිර්මාණයටම අලුත් අංග සංයෝජනයක්. උදාහරණයක් වශයෙන් Single app එකක් භාවිත කරමින් multiple tiles මගින් Start Screen එකට අවශ්‍ය අංග  pin කිරිම දැක්විය හැකියි. Tiles  නිර්මාණය වී තිබිම,ඉංග්‍රිසි අක්ෂර මාලාවේ ඇති අකාරයට apps වල ලැයිස්තුවක් ලබා ගැනීම සදහා Metro User Interface භාවිතය උපයෝගි කරගෙන තිබෙනවා.
 
e-mails සහ text messages ගැන අවධානය යොමු කරන විටදී විශේෂයෙන්ම සැලකිය යුත්තේ  linked email inbox , multiple e-mails accounts එක් tile එකකට ගොනු කර තිබිම ආදි වීශේෂාංග ගැනයි. මීට අමතරව මේ සම්බන්ධ වැදගත් කරුණ වන්නේ conversations thread කර තිබිමයි. මෙම message app එක මගින් සියලු text messages , facebook chats ආදීය එක් thread conversation ලෙස සම්පිණ්ඩනය කර තිබෙනවා. නිදසුනක් වශයෙන් ඔබ ඔබේ මිතුරෙක් සමග facebook chat එකක් කීරිමක් සැලකිල්ලට ලක් කලොත් මිතුරා facebook log off ව සිටියත් text message කරන විට මිතුරාගේ facebook responses එකම conversations thread එකේ ගොනු වී තිබෙන නිසා එක තැනකම දිස් වෙනවා. මෙවැනි අංගයන්   දැනට android, iOS  තාක්ෂණයන්ගේ ග්‍රහණයට අසු නොවු පැතිකඩක් ලෙස දැක්විය  හැකියි.


තොරතුරු අයිතින් කලමණාකරණය හරහා රහස්‍යතාවය ආරක්ෂා කීරිම සදහා ආරක්ෂණ ක්‍රම පද්ධතියක් මෙහි ස්ථාපනය කර තිබෙනවා. Out of office messages සාදා ගැනිමේ හැකියාව,sync task, alpha-numeric PIN CODE භාවිතය , පැරණි e-mails සහ text messages ආදීය  Exchange  server මගින් සෙවිම  වැනි Exchange features සමගින් මෙවැනි අංග  සමන්විතව තිබෙනවා. එපමණක් නොව Exchange accounts කීපයක්ම සාදා ගැනිමට ද අවස්ථාව උදා කරදි තිබිමද වැදගත් කරුණක්.


Mango OS එක සමාජ ජාලය සමග එකතු කටයුතු කිරිමෙදි  කාර්යක්ෂම ක්‍රමවේදයක් සකස් කර තිබෙනවා. tweeter සහ facebook එකාබද්ධක්. එහිදි එකවර TweetDeck හා සම්බන්ධ වැඩසටහන් මෙන්ම facebook හී newsfeed එකවර දැකගැනීමේ පහසුකම සලසා දි තිබිම මගින් කර්යබහුල සමාජීය ජීවිත ගත කරන්නන්ට උපකාරයක්ව තිබෙන බව පෙන්වා දිය හැකිය. එලෙසම මෙම Mango OS නවිකරණයත් සමග කළ එළි බැස අති අලුත්ම අංගයක් වන්නේ පුද්ගල ජාලය groups ආකාරයෙන් සංවිධානාත්මක කරගැනිමේ හැකියාවයි. මෙම groups සමගින් එන pivot screen එක තුලින් අදාල group member ගේ notifications, pictures දැකගත හැකි වනවා මෙන්ම e-mails සහ text messages යැවීම , facebook comments පළකීරිම ආදිය ආදිය සිදුකරගත හැකිවේ.


Mango  OS ආගමනයත් සමග Internet Explorer 9 හී පුළුල් වර්ධනයක් වීමටද HTML5, CSS3, SV, XHTML, DOM ආදීය Mango OS සදහා රුකුල් දීමද එක් හේතුවක්. නමුත් මෙහි තුන්වන පාර්ශවකාර මෘදුකාංග  භාවිත කිරිමට සිදුවිම මෙහි මතුවන තරමක ගැටළුකාරි තත්ත්වයක් බව පෙනි යන නමුත් නවීන ලෝකයේ නව්‍යකරණය සොයා යන ගමනේ තවත් එක් සළකුණක් Mango OS  තැබු බව තාක්ෂණික ඉතිහාසයට එක් වනු ඇත.

Popular Posts